ශ්‍රී ලංකාවට විරුද්ධව සාංක්‍රමික නීතිය ක්‍රියාත්මක කල යුතුයි
සෙන්තිල්කුමාර් සුබ්‍රමනියම් 2018-09-14 දින ජිනීවාහී දැන් පැවැත්වෙන 39වන මානව හිමිකම් සමුලුව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට විරුද්ධව සාංක්‍රමික නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි. ඒ අනුව ඔහුගේ ඉල්ලීම වනුයේ මානව අයිතිවාසිකම් අහිමි කල ශ්‍රී ලංකාවේ හමුදාව සහ ඊට අනුබල දුන් නායකත්වය වග වීමට සැලැස්වීම, ඔවුන්ට එරෙහිව අධිකරණයම හා ඉන් බාහිර ක්‍රියා මාර්ග ගත යුතු බවත්, අපරාධ කරුවන්ට දෙන ඳඩුවම් ලබා දීම, වන්දි ලබාදීම, සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, අධිකරණ පද්ධතිය, ව්‍යවස්ථාදායකය ඇතුලු සියලුම ආයතන ප්‍රතිසංස්කරණය කරන ලෙසවේ. සෙන්තිල්කුමාර් විසින් මේ ඉල්ලා සිටින්නේ මිනිස් පලිහක් ලෙස LTTEය විසින් රඳවාගෙන සිටි ලක්ෂ තුනකට ආසන්න සිවිල් දෙමල වැසියන් පිරිසක් යුද්ධයකදී ලැබෙන තම මුක්තියද නොතකා බේරා ගැනීමට ඉදිරිපත්වූ විනය ගරුක හමුදාවකට එරෙහිව සංක්‍රමික නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
2019 මාර්තු මස පැවැත්වෙන ඊළඟ ජිනීවා මානව හිමිකම් සමුලුවට පෙර එය සිදුකල යුතු බව සෙන්තිල්කුමාර් ඉල්ලාසිටී.
කනගාටුවට කරුන වන්නේ මේ සඳහා ප්‍රති උත්තර සැපයීමට ශ්‍රී ලංකාවට විනාඩි තුනක කාලයක් ගත හැකි නමුදු ජිනීවාහී ශ්‍රී ලාංකික නියෝජිතයින් ඒ පිළිබඳව ඉදිරිපත් නොවීමයි.
බහරේන් , ඉරානය, පාකිස්ථානය හා ඉංදියාව ආදී රටවල් කිහිපයක් තම රට වලට එදිරිව දිරිපත්වුන චෝදනා පිළිබඳව තම විරෝධය සහ නිවැරදි භාවය පෙන්වීමට ක්‍රියා කරන ලදී.
සෙන්තිලකුමාර් සුබ්‍රමනියම්ගේ ප්‍රකාශය පහත ඇමුනුමෙන් බාගත කලහැක.
710 Viewers





