• Home »
  • News »
  • ශ්‍රී ලංකාව අවුරුදු 2500 ක් තිස්සේ සිංහල බෞද්ධ රටක්.

ශ්‍රී ලංකාව අවුරුදු 2500 ක් තිස්සේ සිංහල බෞද්ධ රටක්.

බුදුන් වහන්සේ තෙවරක් වැඩම කරපු, මේ රටේ හැම බිම් අඟලක්ම සසුනට පූජා කළ රටක්.

ඒ බෞද්ධ රාජ්‍යයේ සිංහල බෞද්ධයා ඉතිහාසය පුරාම අන් ජාතීන්, අන් ආගමිකයන් පිළිගත්තා.

ඔවුන්ට තමන්ගේ ආගම්, ඇදහිලි සහ විශ්වාස සමඟ ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඉඩ දුන්නා.

අරාබියේ සිට පැමිණි වෙළන්දන්ට ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඉඩ දුන්නා.

ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන්ට ජීවත් වීමට ඉඩ දුන්නා.

පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් පැවත එන්නන්ට ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාස සමගින් මේ භූමියේ ජීවත් වීමට ඉඩ ලබා දුන්නා.

ඔවුන්‍ට ඔවුන්ගේ ආගම ඇදහීමට සහ ඔවුන්ගේ සිද්ධස්ථාන ඉදිකිරීමට ඉඩම් පවා ලබා දුන්නේ පන්සල් වල නින්දගම් වලින්.

සිංහල බෞද්ධයා එතරම් කාරුණික, විවෘත ප්‍රජාවක්.

නමුත් අද සිංහල බෞද්ධ රාජ්‍යයේම, සිංහල බෞද්ධයා අසරණ වෙලා.

අද නිරාගමික, බෞද්ධ විරෝධි මාලිමා රජය බලයට ඇවිත්.

ඉතිහාසයේ පළමු වරට බුද්ධශාසන අමාත්‍යංශය අහෝසි කරලා.

ඊයේ පොලීසිය භාර ඇමතිගේ නියෝගය මතම පොලීසිය බෞද්ධ විහාරස්ථනයකට පහර දුන්නා.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයට කඩා වැදුණු ආනන්ද විජේපාලගේ පොලිස් මැරයන්, භික්ෂූන් වහන්සේලාට පහර දී බුදු පිළිමය පැහැර ගෙන ගියා.

ඊට අණ ලබා දුන්නේ ත්‍රිකුණාමලය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා. ඔහු දූෂිත නිළධාරියෙක්. දේශපාලන අධිකාරිය ඉදිරියේ කොන්ද නවා ගත් නිළධාරියෙක්.

කෙසේවෙතත් ඊට එරෙහිව සිංහල බෞද්ධ ජනතාව එක් වුණා.

විශේෂයෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා ජනතාව ඊට එරෙහිව දැඩි හඬක් නැගුවා.

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සටන තමන්ගේ අතට ගත්තා.

විශේෂයෙන්ම සර්වජන බලයේ නායක දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ දී ඉතාම සංවේදි සහ ප්‍රබල කතාවක් කළා.

ඔහු මේ සිංහල බෞද්ධයා රිදවන ආණ්ඩුවේ තුච්ච උත්සාහය දැඩිව විවේචනය කළා.

ඒ සියලූම විරෝධයන් හමුවේ අවසානයේ ආනන්ද විජේපාල ප්‍රමුඛ රජයට හිස නමන්න සිදු වුණා.

ආනන්ද විජේපාල පට්ටපල් බොරුවක් කියමින්, භික්ෂූන් වහන්සේලාට පහර දී බුදු පිළිමය පැහැරගත්තේ බුදු පිළිමයේම ආරක්ෂාවට බව කිව්වා.

කොතරම් විහිලු සහගත ද ?

ආනන්ද විජේපාල සිතනා ආකාරයට රටේ මිනිස්සු බබ්බු ද ?

පොලීසිය බුදු පිළිමය බලහත්කාරයෙන් පැහැර ගන්නා ආකාරය රටක් දුටුවා.

ආණ්ඩුවේ බෞද්ධ විරෝධි වැඩපිළිවෙල ලප් තැනම ලොප් වූ පසු කියනා මේ පට්ටපල් බොරු වලට හිනා යන්නේ නැහැ.

නමුත් අවසානයේ සිංහල බෞද්ධ ජනයාගේ හඬ ජයග්‍රහණය කළා.

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ පැවැත්ම පිළිගැනීමට නිරාගමික මාලිමා රජයට සිදු වුණා.

ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට එක් වූ මහා සංඝ රත්නයට, සියලූම සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට සහ දිලිත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.



13 Viewers