මඩකළපුව පුරා විද්‍යා ගවේෂණ භුමි වල පුවරු ගලවා ඉවත් කළ අය සිටින්නේ සාමාන්‍ය නීතියට උඩින්ද ?
ජාතික සාමූහිකය ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනය
ජාතික ජන බලවේගය රජයේ බෞද්ධ විරෝධය පාර්ලිමේන්තු දිවුරුම් දීමේදී ජයමංගල ගාථා ඉවත් කිරීමෙන් ආරම්භවූ අතර මේ වන විට එය ක්‍රම ක්‍රමයෙන්, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කිරීම, නගර සභාවල බුදු පිළිම ඉවත් කිරීම, රාජ්‍ය ආයතන වල ආගමික කටයුතු නවතා දැමීම යනාදියේ සිට බෞද්ධ විහාරස්ථාන වලට අයත් ගොඩ නැඟිලි කඩා, බුදු පිළිම ඉවත් කිරීම දක්වා බරපතල ලෙස වර්ධනය වී ඇති බවක් දක්නට ලැබේ.
මෙහිදී විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දමිළ ඊළාම් නිජබිම් සංකල්පය ඔප්පු කිරීම සඳහා බාධකයක් වන ඒ ප්‍රදේශ වල බෞද්ධ උරුමය විනාශ කර දමා, ආගම්වාදී පවිත්‍රකරණයකට එම පළාත් ලක් කිරීම සඳහා වන දෙමල ඊලාම්වාදීන්ගේ ප්‍රයත්නයට රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීමේ සූදානමක ආණ්ඩුව පසුවන්නේ දෝයි බරපතළ සැකයක් ඇතිවන තත්වයක් පැහැදිළිවම පෙනෙන්නට තිබේ.
ඉකුත් සතියේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන යන මහත්වරුන්ගේ බල කිරීම මත ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානය වෙත කඩා වැදී, භික්ෂූන් වහන්සේලාට තර්ජනය කොට පහරදී, බුදු පිළිම වහන්සේද එතැනින් ඉවත් කිරීමට දැරූ ප්‍රයත්නය එම පෙරකී ක්‍රියාන්විතයේ ආරම්භක පියවරක් ලෙස අප වටහා ගත යුතුය.
පසුගිය මහා මැතිවරණයේදී රණවිරුවන් අන්තර්ජාතික උවමනාවන් තහවුරු කර ගැනීමට විවිධ විනිශ්චයාධිකාර වෙත පමුණුවන බවටත්, රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් නායකයන් හිරේ යවන බවටත්, දැනට තිබෙනා පාලන බළතල වලට වඩා බළතල උතුරු නැගෙනහිරට ලබා දෙන බවටත් පොරොන්දු ලබා දීම හේතුවෙන් උතුරු නැගෙනහිර මැතිවරණ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් වර්තමාන ආණ්ඩුවට, ගෙවී ගිය වසරක කාලය තුළ අනුගමනය කළ අසාර්ථක රාජ්‍ය පාලනය තුළ එම ප්‍රදේශ වල ඡන්ද පදනම අපේක්ෂා කළ පරිදි ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඇති තත්වයක් තුළ, කෙසේ හෝ නැවතත් වර්ගවාදී, ආගම්වාදී දේශපාලකයන් සනසවා අහිමිවූ සහයෝගය දිනාගැනීමේ අවශ්‍යතාවය මේ පසුපස ඇති ප්‍රධානාතම උවමනාවයි.
පසු ගිය සතියේ ත්‍රිකුණාමලයේදී ඇතිවූ ප්‍රචණ්ඩත්වයට මුල්වූ පුද්ගලයන් කෙරෙහි මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආණ්ඩුව මෙවැනි කටයුතු වල නිරතවීමට යම්කිසි උත්තේජනයක් සපයා ඇති පසුබිමක අද දින මඩකලපුව, මන්මුනෙයි දකුණ, කෝරළපත්තු, වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක බෞද්ධ පුරා විද්‍යා ස්ථාන රැසක නාම පුවරු ගලවා ඉවත් කිරීමට දමිළ දේශපාලන නායකයන් කටයුතු කර ඇති බව වාර්තාවී තිබේ.
ගිය වසරේ එල්.ටී.ටී.ඊ මහ විරු සැමරුම් පවත්වන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත් අඩංගුවට ගත් ආණ්ඩුව, රජයේ වග කිව යුතු දෙපාර්තමේන්තුවක් වන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විෂය මූලික පදනමක් මත ඒ පුරාවිද්‍යා භූමි මත සවි කළ පුවරු ගලවා ඉවත් කිරීම මහජන දේපළ වලට හානි කිරීමක් ලෙස දැක ඒ කාර්‍යයේ නියැළුන අයවලුන් අත් අඩංගුවට නොගන්නේ මන්දැයි අපි ප්‍රශ්ණ කර සිටිමු. පුරා විද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන කරමින් මෙසේ නාම පුවරු ඉවත් කර තිබෙන්නේ තාන්දමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චෙනෙයි, සොරාවෙලි, මුරුන්කන්තිවු යන පුරා විද්‍යා ස්ථාන වල බව මේ වන විට තහවුරු වී ඇත. මෙම ක්‍රියාව ජාතික සාමූහිකය ලෙආ අප දැඩි සේ ලෙස හෙළා දකින අතර, මේ පිළිබඳව සොයා බලා එම නාම පුවරු ප්‍රතිස්ථාපනය කිරීමටත්, විධිමත් පරීක්ෂණයක් තුළින් මෙම ක්‍රියාව සඳහා මුල්වූ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන දඬුවම් කරන ලෙසත්, ඒ හරහා අනාගතයේ මෙවැනි කටයුතු කිරීම සඳහා පෙළඹීමට අන්තවාදීන්ට දැඩි මානසික බාධක පණවන ලෙසත් මෙරට මහජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටින අතර දිනෙන් දින ගිලිහෙමින් පවතින දකුණේ ජනතාවගේ ඡන්ද පදනම ආරක්ෂා කරගත හැකි වන්නේ එසේ කිරීමෙන් පමණක් බවද රජයට මතක් කිරීමට කැමැත්තෙමු.
අචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ
ප්‍රධාන ලේකම්
ජාතික සාමූහිකය
6 Viewers





