සිංහල බෞද්ධ රට

– පඬිවරුන්ට ප්‍රශ්නයක්.. ඇයි discrimination කියන වචනයට සිංහල වචනයක් නැත්තේ?
– පිළිතුර: සිංහල බෞද්ධ සභ්‍යත්වය ඇතුලේ ‘වෙනස් කොට සැලකීම’ කියන සංකල්පය නැති නිසා. ඒක දියුණුයි කියන බටහිර සමාජයේ තියන විසබීජයක් නිසාමේකතාව අපි කිවුවේ අවුරුදු 10කටත් කලින්. මේ කතාකරන්නේ වෙන රටකට ගිහින් රස්සාවක් කරලා පවුල ගොඩදාගන්න උත්සහ කරන අය ගැන නෙවෙයි. බටහිර උගුල් වලට, propaganda වලට අහුවෙලා ඔවුන්ගේ රටේ ආර්ථික වහලුන් විදිහට පවුල් පිටින් සංක්‍රමණය වෙලා තමන් උගුලේ වැටිලා ඉන්නගමන් අනිත් අයවත් රවට්ටලා ඒ උගුලටම ඇදල ගන්න අණුවන පඬිවරුන් ගැන.
තමුන්ගේ මවුබිමට ගරහමින් දරුවන්ට නිදහසේ සැපට ජීවත් වෙන්න කියන ආත්මාර්ථකාමී වුවමනාවෙන් ඔය උගුලට වැටෙන උදවිය දැන් වත් තේරුම් ගන්න තමන්ගේ දරුවන්ගේ දරුවෝ සහ ඔවුන්ගේ දරුවෝ සියලුම දෙනා මේ අනතුරට ලක්වෙනවා. ඔවුන් කිසිදිනක ඕස්ට්‍රේලියානුවන්, ඇමරිකානුවන්, එංගලන්තවාසීන් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ ඇත්ත දැනගෙන ජීවත් වෙන්න. ඕන රටක පදිංචි වෙන්න නමුත් බොරු කියල මිනිස්සු රවට්ටන්න එපා. මම ඔය හැම රටේම පුද්ගලිකව ලබපු අත්දැකීම්වලින් මේක කිවුවේ.
දැන් පේනවද මේ රට සිංහල බෞද්ධ රටක් කිවුවම අපි ජාතිවාදියෝ කියල පොලවේ පස් කාපු අය, ඔවුන් ඉතා උසස් කියල හිතන් හිටපු සුදු මහත්වරුන්ගෙන් කන කෑම ? මේ පටන් ගැන්ම පමණයි. මතක තියාගන්න මේ රටේ සිංහල බෞද්ධ සභ්‍යත්වයේ පමනයි වෙනත් ඕනෑම ජාතියකට, ජනවර්ගයකට සමානව සලකන්නේ. දියුණුයි කියන ලෝකේ කිසිම රටක හෝ සංස්කෘතියක එහෙම එකක් නැහැ. ස්වභාවිකව තියන අවුල ඔවුන් බලෙන් පාලනය කරගෙන තමයි මෙතෙක් කල් ආවේ.
Equality – සමානාත්මතාව
Equity – සමාධානය / සාධාරණතාව
Justice – නීතිය / සාධාරණය
Human rights – මනුෂ්‍ය අයිතිවාසිකම්
Fairness – සාධාරණකම
Social justice – සමාජ සාධාරණය
Non-discrimination – වෙනස් කොට නොසැලකීම
Racial harmony – ජාතික සමගිය
Social cohesion – සමාජ ඒකාබද්ධතාවය
Unity in diversity – විවිධත්වය තුළ ඒකාබද්ධතාව
Mutual respect – අන්‍යෝන්‍ය ගෞරවය
Inclusivity – සියල්ල ඇතුළත් කිරීම
Belonging – අයත්කම
Solidarity – එකමුතුව
Tolerance – වෙනස්කම පිළිගැනීම
Diversity – විවිධත්වය
Multiculturalism – බහු සංස්කෘතිකත්වය
Pluralism – බහුවාදය
Anti-racism – ජාතිවාදීත්වයට විරුද්ධවීම
Equal opportunity – සමාන අවස්ථා
Affirmative action – ධනාත්මක ක්‍රියාමාර්ග
Non-violence – අවිහින්සාව
Respect for human dignity – මනුෂ්‍යත්වය කෙරෙහි ගෞරවය
Intercultural dialogue – අන්තර් සංස්කෘතික සංවාදය
Reconciliation – ගැටුම් නිරාකරණය
Peacebuilding – සාමය ගොඩනැගීම
Empathy – සහකම්පනය
වගේ වචනවලින් පහුගිය සියවසේ අපිට ඔවුන් ඉගැන්නුවට මේ එක වචනයක් වත් අපිට අවශ්‍ය නැහැ. ඒවා අවශ්‍ය ඔවුන්ට.
අපි පස්සේ ඒවාට වෙනම සිංහල වචන හදාගෙන පාඩම් කරගත්ත. ජාතිවාදය, වර්ගවාදය, වෙනස් කොට සැලකීම වාගේ විෂබීජ මෙහෙ තිබුනේ නැහැ. යටපත් කරගෙන තිබුන ඒ විෂබීජ දැන් බටහිර ලෝකේ මතුවෙන්න අරන්. දැන් අපිට උගන්නන්න එක නවත්තල ඔවුන්ට අපෙන් ඉගනගන්න වෙයි.
19 Viewers





