USAID එකෙන් නොකාපු ආණ්ඩුවක් පක්ෂයක් අබ ඇට මිටක් දෙන්න
ලංකාවේ යහපත වෙනුවෙන් උදව් කරපු, කරන, කරන්න හිතන් ඉන්න USAID, ChainaAID, CanadaAID, AUSAID වගේම ජපානය හා ඉන්දියාව ඇතුලු හැම පොහොසත් සහ බලවත් රටකටම මුලින්ම ස්තුති කරන්න ඕනෑ. මේ දවස්වල හැමෝම කතාවෙන USAID ආයතනය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙ පාර්ලිමේන්තුවට, උසාවියට, නීතිපති දෙපාර්තමේන්තුවට, හමුදාවට, පොලීසියට, සිවිල් සංවිධානවලට වගේම ලංකාවෙ පෞද්ගලික අංශයටත් උදව් කරලා තියෙනවා.
ඒ අස්සේ දිලිත් ජයවීරගේ Pulse එකත් ඇති. SLVLOG එකත් ඉන්නවා. BAR Association එකත් ඉන්නවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත් ඉන්නවා. NextGenSL එකත් ඉන්නවා. සමහර විට බුකියෙ තිබ්බ වගේ හරිනි අමරසූරියත් ඇති. YouTube රැට්ටත් ඇති.
අපිත් ඒ වැඩසටහන් වලට සම්බන්ධවෙලා, තේ බීලා, බත් කාල තියෙනවා. සමහර පුහුණු වැඩසටහන් වලින් යමක් ඉගෙන ගෙනත් තියෙනවා.
මම කොහොමත් ඇමරිකාවට, බටහිරට, ඉන්දියාවට හිතවත්. ඒ තානාපති කාර්‍යාල සමග ඉතාම කිට්ටුවෙන් වැඩ කරනවා. ඔය හැම රටකම ඇතිවෙන්න ඇවිදලත් තියෙනවා. ලංකාවත් ඒ වගේ පෝසත් හා බලවත් වෙන්න ඕනා කියල විශ්වාස කරනවා. ඒ විශ්වාසය සැබෑවක් කරගන්න වැඩකරනවා.
USAID සම්බන්ධයෙන් මේ වෙලාවෙ ඇමරිකාවෙ තියෙන්නෙ දේශපාලනික ප්‍රශ්නයක්. ලංකාවෙ වගේමයි. අලුත් ආණ්ඩුව පරණ ආණ්ඩුවේ වැරදි හොයනවා. ඇමරිකාවෙ හැම දේශපාලන තීන්දුවක් වගේම මේකත් ලෝකෙටම බලපානවා.
මම ‘බයි තක්සලාවෙ’ කීව වගේ වැදගත් වෙන්නෙ, කොච්චර උදව් කලත්, කොයිතරම බලවත් වුනත්, කිසිම රටකට අයිතියක් නෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න. අපේ මැතිවරණට බලපෑම් කරන්න. මිනිස්සු තෝරාගත්ත නායකයන්ට තර්ජනය කරන්න. රටේ ස්වාධීනත්වයට එරෙහිව කුමන්ත්‍රණ කරන්න. ඒකට කවුරුහරි සල්ලි වියදම් කලා නම්, ඒ සල්ලිවලින් කවුරු හරි මැච් ගැහුවනම් ඒ ගැන දැනගන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා.
ඇමරිකානු සල්ලිවලින් ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මයිත්‍රී, ගෝඨා ආණ්ඩු සේරම වැඩකරල තියෙනවා. අනුර කුමාර ආණ්ඩුව අර සේරටම වඩා හොදින් වැඩකරමින් ඉන්නවා. ඒක හොදයි.
ලංකාව හෙන පුංචි රටක්. ලෝකෙත් එක්ක ගණුදෙනුවට විවෘත වෙන තරමට තමා අපේ ආර්ථික සංවර්ධනය ඉස්සරහට යන්නේ. අපි ඉන්න තැන වැදගත් නිසා ලෝකෙම අත පෙවීම් අපිට තියෙනවා. හැම රටකටම එක එයාලගෙ රට. අපිටත් අපේ රට එක කියන න්‍යාය පත්‍රය හදාගත්තොත් කවුරු කොහෙන් ඇවිත් මොනා කීවත් අපිට අපේ රටේ ගමන යන්න පුලුවන්.
මම USAID එකේ මොකක් හරි වැඩක ඉන්න ෆොටෝ එකක් දාල ජෙප්පො බුකියෙ මැරෙන්න හදනවා. උන් දන්නෙ නෑ අපි කාල බීල සැපේ ඉන්නවා කියලා. උන් දන්නෙ නෑ උන්ගෙ ජෙපි ලොක්කොත් ඒ තැන්වල අපි එක්ක කාල බීල
සැපේ හිටියා කියලා. උන් කොහොමත දන්නෙ නෑ දැන් උන්ගෙ ලොක්කො කොච්චර සැපක් ගන්නවද කියලා.
මිලින්ද රාජපක්ෂ
10 Viewers





